Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

මෙරට වෙළෙඳපොළෙහි සහල් මිල නොසිතූ ලෙස ඉහළයමින් පවතින බව වෙළෙන්දන් පවසයි.

එබැවින් ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරුකර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට යොජනා කර ඇත.

ඒ අනුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී තිබුණි.

Related posts

මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !

colombotoday

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

colombotoday

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin