Colombo Today Local News

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

ඉකුත් පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මේ වන විට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයන් වෙත අනතුරු අඟවා ඇත.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Related posts

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday

‘ලංකා බැංකුවේ සභාපති මහජන මුදල් අවභාවිතයේ නීතිය කෝ’ – බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday