Colombo Today Local News

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති චෙට්‌ටිකුලම් දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු ලබාදිය යුතු බවට යෝජනාවක්‌ සම්මත කර ඇත.

සෙල්වම් අඩෙයිකලානන්දන් සහ පළාත් සභා ඇමැති සත්‍යලිංගම් මහත්වරුන් සහභාගිවූ මෙම චෙට්‌ටිකුලම් දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමට ඉදිරිපත් එම යෝජනාව පිළිබඳව විරෝධතා මතුවී නැත.

මේ සම්බන්ධව හමුදා ආරංචිමාර්ග පැවසුවේ අමාත්‍ය රිෂාද් බදුර්දීන්ට ජාතික ආරක්‍ෂාව සහ ශ්‍රී ලංකා හමුදාව ගැන කිසිදු නිර්දේශයක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

උතුරේ හමුදාව සතුව රජයේ ඉඩම් ඇති බවත් එම ඉඩම් මුදාහරින ලෙස ඉල්ලීමට දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවට හිමිකමක්‌ නැති බවත් හමුදා ආරංචිමාර්ග කියා සිටියේය.

-දිවයින

Related posts

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම්

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම ගැන කටක් නාරින අය පලස්තීනය වෙනුවෙන් කොළඹ යකා නටනවා

colombotoday

යාපනේ සිට පුත්තලම දක්වා වෙරළ හමුදාව ආක්‍රමණය කරලා… හමුදාව කදවුරු ඉවත් නොකළොත් ගැටුම් ඇතිවෙයි – හකීම්

colombotoday

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday