Colombo Today Local News

ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, සංවිධායකයන් සල්ලිත් අරන් මාරු !!

අනුරාධපුර පැවැති සංගීත ප්‍රසංගයට තමාට ආරාධනා කළත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සංවිධායකයින් නොගෙවූ බව පවසමින් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඊයේ (11) දින අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ ‘උන්මාද සඳ’ නමින් මේ ප්‍රසංගය සංවිධායකර තිබුණු අතර ඒ සදහා රුපියල් 1000, 5000, 3000 ආදී මලි ගණන් කිහිපයකට ටිකට් පත් විකුණා ඇත. මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ තන්තිරිමලේ ප්‍රදේශයේ දුෂ්කර පාසලක් ඉදිකිරීමට අරමුදල් රැස් කිරීමට යැයි පවසමිනි.

මුදල් ගෙවා ටිකට්පත් මිලදී ගත් පිරිස ප්‍රසංගයට පැමිණ තිබුණත් ඒ වන විටත් ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයන් මුදලුත් සමග අන්තරස්දාන වී තිබුණු අතර, ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ඇතුළු කණ්ඩායම පැමිණ සිටි පිරිස වෙනුවෙන් නොමිලේම ගීත කිහිපයක් ගායනා කර පිරිස සන්සුන් කිරීමට කටයුතු කර ඇත. අනතුරුව ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර ඇත.

මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික ලේකම් ලෙස කටයුතු කරන මොහොමඩ් ෆර්ෂාන් නමැත්තෙකි. මෙම පුද්ගලයා ෆේස්බුක් හි ප්‍රකට සමාජ සේවා ක්‍රියාකාරිකයකු ලෙස හැසිරෙන තැනැත්තෙකු බවත් මීට ප්‍රථම පැල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මුදල් වංචා කර ඇති අතර පාසල් හදන මුවාවෙන් විදේශයන්හි වෙසෙන පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම් වැනි සිදුවීම් රාශීයක් සිදුකොට ඇති බවද කතාබහට ලක් වේ.

Related posts

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම් කරයි

colombotoday

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

Admin

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

colombotoday

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

colombotoday