Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද (29)දින සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් KenchiYokoyama මහතා ඊට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙම සමුළුව සඳහා‍ සාමාජික රටවල නියෝජිතයන් 3000ත් 5000ත් අතර පිරිසක් සහභාගීවීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යවරු, මහ බැංකු අධිපතිවරු ජාත්‍යන්තර බැංකු නියෝජිතවරු, සමාගම් විධායක නිලධාරීහු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වෙති.

මෙවර සමුළුවේ තේමාව “පශ්චාත් COVID – 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම” වන අතර සමුළුව පැවැත්වෙන කාලය තුළ ද්විපාර්ශ්වික රැස්වීම්, කොට්ඨාස රැස්වීම් හා උප කලාපීය රැස්වීම් ද පැවැත්වේ.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවක් පවත්වන කලාපයේ දෙවැනි රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ අතර එම අවස්ථාව ලබා දීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළකළේය.

Related posts

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

පොහොර නොමති කමින් කුඹුරු අත් හැර දමන ගොවීන්

colombotoday

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday