World

ලෝකෙම කතා වෙන ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයෝ දෙදෙනා

ගිනිගැනීමකට ලක්වන නිවසක සිරවී සිටි ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයන් දෙදෙනෙකුගේ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්ය.

මෙම වීර ක්‍රියාව සිදුකරන්නේ Anthony Lombardi සහ Mario Comella යන අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක් විසින්ය.

ඔවුන් දෙදෙනා තම මිතුරෙකුගේ නිවසක් පසුකර යන අවස්ථාවේ නිවසේ ගිනි ගැනීම් පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥාව නාද වී ඇත.

එම අවස්ථාවේ ඔවුන් නැවත එහි පැමිණ ඉතා ඉක්මණින් ඔවුන්ගේ මිතුරාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ.

එහිදී ලැබෙන රහස් අංකය භාවිත කර නිවසේ ඉදිරිපස දොර විවෘත කරගන්නා මෙම දරුවන් නිවසේ සිරවී සිටි සුනඛයන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වෙයි.

එම වීර ක්‍රියාව නිවසේ ඉදිරිපස දොරෙහි සවිකර තිබූ කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.

Related posts

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

colombotoday

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

colombotoday

ඉතාලියත් සංක්‍රමණිකයන්ට දොර වහයි.. තොටුපොළවල් වසා දමයි.. බෝට්ටු සේවා අවහිර කරයි !

colombotoday