Colombo Today Local News

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

ස්වාමීන් වහන්සේලා පස් නමකට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවන් නිදහස් කර තිබෙනවා.

පූජ්‍ය බෙංගමුවේ නාලය හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, මාගලකන්දේ සුදත්ත හිමි, ජිනානන්ද හිමිවරුයි මෙලෙස නිදහස් කෙරුණේ.

පසුගිය නොවැම්බර් මස 7 වනදා ආබාධිත රණවිරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදී මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ පොදු දේපළ හානි කිරීමේ චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුනා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මීට අදාළ සැකකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ පොලිසිය නිසි වගන්ති යටතේ නඩු පවරා නොමැති බවයි.

එබැවින් නිසි වගන්ති යටතේ මේ සම්බන්ධයෙන් නඩු පවරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට ප්‍රකාශකර තිබෙනවා

Related posts

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

බාල ප්‍රමිතියේ ඉන්දියානු රූපලාවන්‍යාගාර 700ක් මෙරටට.. ගිය ආණ්ඩුවෙන් අවසර දිලා !

colombotoday

ආදාහනය කළ බිළිඳු සිරුර ගැන පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි.

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin