Colombo Today Local News

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ


ඇමරිකාවේ ජනාධිපතිවරු මාරුවුවත්, ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකාවේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් ඇති නොවනු ඇති බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ලෙස පත්කර ඇති ඇන්ජෙලා ඇග්ලියර් ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීමෙන් පසු, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද සහකාර ලේකම් ධූරයට ඇන්ජෙලා ඇග්ලියර් පත් කෙරිණි.

එම ධූරය භාරගැනීමෙන් පසු, ප්‍රථම වතාවට ශ්‍රීලංකාවේ සංචාරයක නිරත වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

ජනවාරි 24 වන වන දින මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා මාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන අය වෙන වෙනම හමුවී, තොරතුරු දැනගැනීමේ පනත සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඇය විමසා ඇත.

ඉන් අනතුරුව ඇය සිවිල් සමාජ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර ඇති අතර තම සංචාරය අවසානයේදී ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

Related posts

‘මහින්ද අමරවීර දකුණේ ශක්තිමත් නායකයෙක් කරනවා.. ඊළග සුදුස්සාට පාර කපා දියයුතුයි‘ – ජනපති

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin