Colombo Today Local News

බන්ධනාගාර නිලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට

බන්ධනාගාර නිලධාරීන් සඳහා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම හෙට (29) සිට ආරම්භවන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බන්ධනාගාර නිලධාරීන් 5,153 දෙනකු සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබා දීම මෙසේ සිදුකෙරන බවද ඔහු සඳහන් කරයි.

බන්ධනාගාර මූලස්ථානය, වැලිකඩබන්ධනාගාරය,කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය,මැගසින් බන්ධනාගාරය,කලුතර ,කුරුවිට,මීගමුව ,පල්ලන්සේන,වටරැක හා අඹේපුස්ස යන බන්ධනාගාරයන්හි නිලධාරීන්ට ලබාදීම සිදු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙය ලබන 8 වැනිදා තෙක් සිදු කිරීමට නියමිත බවද මාධ්‍යප්‍රකාශකවරයා කීවේය.

Related posts

මඩකලපුව, එරාවූර් විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි !!

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

colombotoday