Colombo Today Local News

මෙරට මුස්ලිම් ගැටළු ගැන සෞදි රජයට පැමිණිළි කරයි

මෙරට මුස්ලිම් ජනතාව ඉදිරියේ ඇති අභියෝග හා ඔවුන් වර්තමානයේ මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබදව රජයේ මුස්ලිම් ඇමතිවරුන් පිරිසක් සෞදි අරාබි රජය දැනුවත් කර ඇත.

සෞදි අරාබියේ මුස්ලිම් කටයුතු පිළිබද අමාත්‍යවරයාගේ විශේෂ උපදේශක අබ්දුල් අසීස් බින් අබ්දුල්ලාහ් අල් අමර් ඇතුළු දූත කණ්ඩායමක් මෙරට තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච් . අබ්දුල් හලීම් හමුවී තිබෙන අතර අදාළ ගැටළු සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ඔවුන් දැනුවත් කර ඇත.

ඉදිරියේ මෙරට දී පැවැත්වීමට යෝජීත ඉස්ලාමීය සමුළුව සම්බන්ධයෙන් මෙන්ම දැනට ලබාදෙනු ලබන හජ් කෝටාව තවදුරටත් වැඩිකර ගැනීම සම්බන්ධවත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා ලක් කර තිබේ.

එම අවස්ථාව සඳහා ජාතික ඒකබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු පිරිසක් එක්ව තිබේ.

Related posts

කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීමට අතුරු තහනම් නියෝගයක්

colombotoday

දැයට පණ දුන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් දැයෙන් සමුගෙන වසර 68යි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin