Colombo Today Local News

ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !

ලංකා සතොස මඟින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙට්‍රික් ටොන් විසිනවදහස් දෙසිය තිස් නවයක (කිලෝ ග්‍රෑම් 29,239,000) තොගයක් 2015 නොවැම්බර් මස අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ.

වැඩිදුරටත් හෙළි වන්නේ මෙම ආනයනික සහල් කිලෝවක් සඳහා පිරිවැය රුපියල් 105ක් පමණ වූ ඉහළ මිලක් දරා තිබූ බවයි. වරයා ගාස්තු, ගබඩා ගාස්තු, විදුලිය, සේවක වැටුප්, සහල් ආනයනය සඳහා ලබා ගත් බැංකු ණය සඳහා පොලී ගෙවීම ආදී විවිධ වියදම් රැසක් එකතු වී මෙම මිල තීරණය වී තිබෙන බව විගණන වාර්තාව හෙළි කර ඇත.

මේ අනුව අතුරුදහන්වූ සහල් තොගයේ මුළු වටිනාකම රුපියල් තුන්සියහත් කෝටි අනූපන්දහසක් (රු. 3,079,500,000) වී තිබේ. (රුපියල් 105 x කිලෝ 29,239,000). සහල් තොගය අතුරුදහන්වීම වත්මන මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්වූ 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් මාස තුනකට පසුව සිදුව තිබීම විශේෂත්වයකි.

පසුගිය වසරේ නෙළා ගත් වී අස්වනුවලින් විශාල තොගයක් පෞද්ගලික ගබඩාවල සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙන අතර, විශාල සහල් තොගයක්ද එම දෙඅංශයේම තිබියදී, සහල් කිලෝවක මිල රුපියල් 100කට ළඟා වී තිබේ. වේගයෙන් ඉහළ යමින් පවතින හාල් මිල පාලනය කරමින්, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සහල් ආනයනය කිරීමේ අවසරය පෞද්ගලික අංශයට ලබා දීමට පසුගිය වසරේ දෙසැම්බර් 20වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.

සතොස විසින් මෙසේ ආනයනය කරන ලද සහල් තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ පසුවීම මත සත්ව ආහාරවලට අලෙවි කර තිබියදී ඒවා මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය මුසුකර නැවත පිරිසිදු සහල් යැයි සකසා අළෙවි කිරීමේ ජාවාරමක්ද මේ දිනවල සිදුවෙමින් පවතී. ඒ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගම ඇතුළු පිරිස හෙළිදරව් කිරීමෙන් පසු ඉන් යම් තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබිණි.

2016 සැප්තැම්බර් 20 පැවති පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති එම විගණන වාර්තාවේ උක්ත කරුණු සඳහන්ව ඇති අතර එහි 15 පිටුවේ 4.6 හි සිට 59 පිටුවේ 15 (ඊ) දක්වා එම තොරතුරු අන්තර්ගතව ඇත.

සතොස අමාත්‍ය රිෂාද් බදුර්දීන්ගේ වාණිජ හා පාරිභෝගික අමාත්‍යංශය යටතේ පාලනය වන අතර සහල් ජාවරමක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

විගණන වාර්තාව මෙතනින්

Related posts

විදෙස් රටවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

colombotoday

කාති උසාවි පිළිකුල් සහගතයි. මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට

colombotoday

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

colombotoday