Colombo Today Local News

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ඉතාමත් අවමානයට ලක්ව ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

තරඟ පරදාවීම මෙන්ම ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මේ වන විට බොහෝ කතාබහක් ඇති ව තිබෙන බවත් තමන් නායකත්වය දරණ කාලයේ කණ්ඩායම තුළ සිටියේ රට වෙනුවෙන් සෙල්ලම් කළ ක්‍රීඩකයින් පමණක් බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

එවැනි කණ්ඩායමක් සිටි නිසාවෙන් තමන්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වු බවත් පැවසු ඒ මහතා, දැන් සිටින ක්‍රීඩකයින්ගේ විනය පිරිහී ඇතැයි ද පැවසීය.

“අපිට එක කාලයක් තිබුණා තරඟ පැරදුනාම අපිට එළියට යන්න ලැජ්ජයි. මොකද අපි හිතනවා ඒ අයගේ මානසිකත්වය අපි වැට්ටුවා කියලා. අපි ඒ අයට ලැජ්ජා කළා කියලා. අද එහෙම දෙයක් නෑ. මේ තත්ත්වයක් යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න හම්බවෙන්නේ නෑ. අද ඉතාමත් කණගාටුයි දුකෙන් කතා කරන්නේ. අපේ කාලයේ ත් ක්‍රීඩකයින් එළියට ගියා. ඒ අය විනෝද වුණා. නමුත් ඒ අය දන්නවා ඒ අය යන්නේ විනෝද වෙන්න නෙමෙයි ක්‍රිඩා කරන්න කියලා. අපිට හිටියා මේ රටේ සැර දක්ෂ කළමනාකරුවෝ. මමත් සැරයි. මම දන්නවා මේ ළමයින්ව හසුරුවා ගන්න ඕනේ කොහොම ද කියලා. මම කියන්නේ නෑ මගේ කාලයේ කිසිම ක්‍රීඩකයෙක් එළියට ගියේ නෑ කියලා. සමහර ක්‍රීඩකයෝ මම ගෙදර එවලා තියෙනවා. සමහර අයව මම තහනම් කරලා තියෙනවා. සමහර අයට මගේ අතින් කනේ පාරවල් වැදිලා තියෙනවා. ක්‍රිකට් කියන්නේ බෝලෙට බැට් එකෙන් ගහන එක විතරක් නෙමෙයි. ක්‍රීකට් කියන්නේ මුළු ක්‍රීඩකයෙක්ම පරිපාලනය කරන එක. මම හැමෝගෙන්ම ඉල්ලනවා අපේ ක්‍රීඩකයින්ට ලැජ්ජා කරන්න එපා. විනය වැරදි අයව අපි ඒ විදියට හදා ගමු. හැම ක්‍රීඩකයාටම මේ තත්ත්වයට යන්න දෙන්න එපා.“

Related posts

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

Admin

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

“බදු අඩු කරන්න” මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට අවවාද කරති

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday