Colombo Today Local News

“බදු අඩු කරන්න” මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට අවවාද කරති

ජනතාවට බදු බර දරාගත නොහැකි බවත්, සාමාන්‍ය ජනතාවට බලපාන බදු බර අඩු කර සහන සැලසිය යුතු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියෝ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට පැවසූහ. මාස හයක් හතක් ඇතුළත බදු බර අඩුකර ජනතාවට සහන සලසන බව මුදල් අමාත්‍ය රවී කරුනානායක මහතා එම අවස්ථාවේ කීවේය.

ඇමැතිවරයා  මෙසේ පැවැසුයේ මහනුවර දළදා මාලිගාවේදී  දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මහා නා හිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී ය. තිබ්බටුවාවේ ශ්‍රි  සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් සහ   වරකාගොඩ ඥානරතන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටු ඇමැතිවරයා රජයේ වැඩ පිළිවෙළ ගැන ද පැහැදිලි කළේය.

Related posts

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

රැට්ටා, ජෙහාන් සහ ජගත් ඇතුළු අරගලකරුවන් 09ක් සැකකරුවන් ලෙස නම් කරයි

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

colombotoday

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

Admin

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

Admin