Colombo Today Local News

මම පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි“ මහින්දගෙන් අගමැතිට පිළිතුරක්

“අගමැතිතුමාට මම කියනවා බය නැතිව රට ගිහින් එන්න කියලා. මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා නෙමෙයි…”යනුවෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට කන හරහා පිළිතුරක් ලබාදි තිබේ.

“අගමැතිතුමා පිටරට ගිය විටදී ආණ්‌ඩුව පෙරළන්න මට ඕනෑකමක්‌ නැහැ. මම පිටුපස්‌සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක්‌ නොවේ” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රජය පෙරළා දැමීමට අගමැතිතුමා පිටරට යනතෙක්‌ බලා සිටීමට තමාට අවශ්‍ය නැති බවත් එතුමා ශ්‍රී ලංකාවේ සිටියදීම රජය පෙරළන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමති ඕනම දෙයක් කර ගැනීමට නිදහස තියෙන මුත් තමා මේ රටේ අගමැතිවරයා බවත් තමා එළඹෙන සතියේ ස්විස්ටර්ලන්තයේ දාවෝස් නුවර සංචාරයක නිරත වන බැවින් එම කාලයේ රාජපක්ෂ මහතාට ඔය කියන ආකාර‍යේ කටයුත්තක් කරගැනීමට උත්සාහ කළ හැකි බවට අග්‍රාමාත්‍යවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අපකල විමසිමකදි මහින්ද රාජපක්ෂ මහතා මේම පිළිතුර ලබාදි තිබේ.

Related posts

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

පින්නවලින් නිවුන් අලි උපතක්…..

colombotoday

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin

අද නිරිත දිගට තද වැසි

Admin