Colombo Today Local News

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

උතුරු නැගෙනහිර පළාත් වල අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීමේ නීති ආධාර ලබාදීමේ ජංගම සේවාව හා දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාවෙන් ආරම්භ වෙයි.

අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීමේ නීති ආධාර ලබාදීමේ උතුරු පළාත් ජංගම සේවාව හා දැනුවත් කිරීමේ ආරම්භ වැඩසටහන වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඊයේ(26)දින ආරම්භ විණි.

යුද්ධය හේතුවෙන් හා වෙනත් හේතූන් මත උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වූවන් පිළීබඳව සොයාබැලීමේ හා ඔවුන්ගේ ඥාතීන් වෙත නීති ආධාර ලබා දීමේ ජංගම සේවාව අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී උදෑසන ආරම්භ විය.

පාසල් දරුවන් වෙනුවෙන්ද දැනුම්වත් කිරීමේ වැඩසටහන් වවුනියාව රම්භකුලම බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.

“යුක්තියට ප්‍රවේශයක්“ ලෙස වැඩසටහන නම් කොට තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, ප්‍රජා විශෝධන දපාර්තමේන්තුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකරිය ඇතුළු ආයතන හා දෙපාර්තමේන්තු අටක සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යංශය දායකත්වය දක්වා තිබේ.

මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබුණ පිරිස් වෙත සාධාරණය ඉටුකර ලීම සඳහා අවකාශය සැලසීම වැඩසටහනේ අරමුණ වී තිබේ.

එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

Related posts

ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්!‌ – අනතුරු ඇඟවීමක්

colombotoday

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

විදේශ සංචිතය බිලියන 7.5 සිට 4 දක්වා පහතට.. ඉතිහාසයේ මුල්වර ආර්ථිකයේ කඩාවැටීමක්

colombotoday

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday