Covid 19

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණි බැතිමතුන් අතරින් සිදුකළ අහඹු පරීක්ෂණවලදි කොවිඩ් 19 ආසාදනය වූ රෝගින් හයදෙනකු හමුවී ඇත.

වන්දනාවේ පැමිණි කොවිඩ් ආසාදනයවූවන් පිරිසක් මිහින්තලය කන්නට්ටිය ප්‍රදේශයේ පිහිටි මිහිඳුආරණ්‍ය සේනාසනයේ දානමය කටයුත්තකට සහභාගිවීම නිසා ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිනා හිමිවරුන් 20 නමක් ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

නිකවැරටියේ සිට අනුරාධපුර රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමට පැමිණි පිරිස මිහිඳු ආරණ්‍ය සේනාසනයට දහවල් දානය පූජාකර තිබෙන බවත් එම පිරිස රුවන්වැලි සෑය ආසන්නයේදි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කළ අවස්ථාවේ කොවිඩ් වැලඳුණු රෝගියකු සිටි බව තහවුරු වූ බවත් සෞඛ්‍ය අංශ කියයි.

Related posts

ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය එංගලන්තයටත්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

තේ පර්යේෂණ ආයතනයටත් කොරෝනා. | විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට පොසිටිව්

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්

colombotoday