නිරෝගී ජන සමාජයක් සංකේතවත් කරමින් නව වසර උදාවේදී ජනවාරි මස පළමු වැනිදා සෑම නිවසකම පිසින කිරිබත වස විස නැති සහලින් පිළියෙල කරගන්නා ලෙස ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
වස විස සහිත ආහාර අනුභවය නිසා සිදුවන බෝ නොවන රෝග ව්‍යාප්තිය සහ වසරකට අහිමිවන දහස් ගණනාවකගේ ජීවිත පිළිබඳව නැවත සිතා බලා මෙසේ වස විස සහිත ආහාරවලට තිත තැබීමක් ලෙස වස විස නැති සහලින් පිළියෙළ කළ කිරිබතක් අනුභව කරමින් නව වසරේ වැඩ ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවට සිහිපත් කරයි.
2016 -2018 තුන් අවුරුදු වැඩසටහන අනුව ගොවිතැන හා පාරිභෝගිකයා සම්පූර්ණයෙන් ම වස විසෙන් මුදවා ගැනීමේ “වස විස නැනි රටක්“ ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නැඟේ.