Colombo Today Local News

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

12495255_1090088841043712_5523992637684307737_n-768x482

රජය මැදිහත් නොවීමෙන් මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල වී කිලෝවක ගැනුම් මිල රුපියල් 16 ක්‌ දක්‌වා පහත වැටී ඇති බව විල්ගමුව වෙහෙරගල ගොවි සංවිධානයේ සභාපති ඩබ්. එම්. ආර්. බී. වීරකෝන් මහතා පැවැසීය.

නාඩු වී කිලෝවක මිල රුපියල් 16 ක්‌ දක්‌වාත් සම්බා වී කිලෝවක මිල රුපියල් 20 ක්‌ දක්‌වා පහත වැටී ඇති බවත් ගොවියාට ණය ගෙවා ගත නොහැකිව වහ බෝතලයට දිවි පුදන්නට වනු ඇති බව ගොවීහු පවසති.

මිනිපේ ගොවි ව්‍යාපාරයේ 3 සහ 4 ජනපදවල අක්‌කර දස දහසක්‌ මහවැලි ජලයෙන් සහ අහස්‌ දියෙන් වී වගා කර ඇති බව කී විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත වීරසේකර මහතා 2015/16 මාස්‌ කන්නයේදී අපේක්‍ෂිත අස්‌වැන්න වී කිලෝ ලක්‍ෂ දෙසීයක්‌ වන බව කෘෂිකර්ම නිලධාරීහු ගණන් බලා ඇති බව පැවැසීය.

පසුගිය යල කන්නයේදී වී අලෙවි මණ්‌ඩලය මිලට ගෙන හදුන්ගමුව සහ නාගොල්ල වී ගබඩාවල ගබඩා කළ වී මෙතෙක්‌ මුදා හැරීමට පියවර ගෙන නැති නිසා වී අලෙවි මණ්‌ඩලය මෙවර වී මිළදී ගැනීම අවිනිශ්චිත බැවින් වී මෝල් හිමිකරුවන් පෞද්ගලික අංශය සහ අතරමැදියන් වී මිල හෑල්ලුවට ලක්‌ කර මිලදී ගැනීමේ කූට ව්‍යාපාරයක්‌ ආරම්භ කර ඇති බව ජයන්ත වීරසේකර මහතා පැවැසීය.

මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල වී අස්‌වනු සඳහා සාධාරණ මිලක්‌ නොලැබීමෙන් ගොවි පවුල් 15000 ක්‌ අන්ත අසරණ වී රටට ණය කරුවන්වී දැඩි දුෂ්කරතාවයට පත්වී සිටින බවද පැවැසීය.

රජය විසින් නාඩු වී කිලෝවක්‌ සඳහා රුපියල් 38 ත්, සම්බා වී කිලෝවක්‌ සඳහා රුපියල් 44 ක්‌ සහ කීරි සම්බා වී කිලෝවක්‌ සඳහා රුපියල් 50 ක සහතික මිලක්‌ නියම කර ඇතත් මිනිපේ 3 සහ 4 ගොවීන් සඳහා සහතික මිල සිහිනයක්‌ වී ඇති බවද ගොවි සංවිධාන නායකයෝ පෙන්වාදෙති.

වී අලෙවි මණ්‌ඩලය කඩිනමින් වී මිලදී ගැනීමට ඉදිරිපත් නොවන්නේ නම් ගොවීන් එක්‌ව විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට එක්‌වන බවද ගොවි සංවිධාන නායකයෝ අවධාරණය කරති.

Related posts

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

colombotoday

චතුරගේ, අරලිය මැදුරේ මගුල ගැන අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ තිදරු පියෙක් අත්අඩංගුවට

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

colombotoday