Colombo Today Local News

වරාය සේවකයන්ට මහින්දගෙන් සහතිකයක් !

mahinda-123තම රජයක් යටතේ අසාධාරණයට ලක්වූ හම්බන්තොට වරායේ සේවකයන්ට වරාය අධිකාරියේ රැකියා ලබාදෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා ඊයේ (13දා) මාතර පාලටුව ප්‍රදේශයේ පැවති මාතර දිස්ත්‍රික් නියෝජිත හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඒ මහතා එසේ පැවසීය. එහිදී තවදුරටත් අදහස් පළකළ ඒ මහතා,

‘හම්බන්තොටදී මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරය අපි සම්පූර්ණයෙන් හෙළාදකිනවා. අපි පැහැදිලිවම කියනවා මොනව කළත් අපේ ආණ්ඩුවක් යටතේ හම්බන්තොට වරාය සේවකයන්ට රැකියා ලබාදෙනවා එම අධිකාරියේම. ඒ වගේම කිසිම දේශපාලන භේදයකින් තොරවයි ඒවා ලබාදෙන්නේ.

අපේ රජයක් යටතේ වුණත් පෞද්ගලික ආයෝජන සිදුකළායින් පස්සේ ලේසි වෙන එකක් නැහැ ඒ අය ආයේ එළවන්න. ඒ රජයත් සමග කතා කළ යුතුයි. රටට ආයෝජනය කරන එක එකක්, රටේ දේපළ විකුණන එක තවත් එකක්. ලංකාව තුළදී මේ ආණ්ඩුවට විරුද්ධව, අයුතු ක්‍රියා පිළිබඳව ඒ සටන කරනවා. ජනතාව ඒකරාශී කරනවා. නමුත් පිටරට ගිහින් රට පාවා දෙන්නෙ නැහැ’ යැයිද පවසා සිටියේය.

Related posts

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

colombotoday

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

Admin