Colombo Today Local News

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය රියැදුරන් පිරිසගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මන්දගාමි දුම්රිය ගමන්වාර අවලංගු වීමේ වැඩි හැකියාවක් පවතින බව දුම්රිය දොපාර්තමේන්තුව සඳහන් කරයි.

කාර්යාල දුම්රියන් කිහිපයක් ද මේ හේතුවෙන් අවලංගු විය හැකි අතර ධාවනයට එක්කෙරෙන සියලු දුම්රියන් ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ විදුලි බලවේග ධාවනාගාර සහ බලවේග ධාවනාගාර දුම්රිය සේවකයින් ඊයේ (11) රාත්‍රී 12 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

ඒ, බඳවා ගැනීමේ සහ විශ්‍රාම ගැන්වීමේ ගැටලු කිහිපයක් මුල්කරගනිමිනි.

Related posts

යෝෂිත FCIDයට

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

colombotoday