Colombo Today Local News

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කර තිබේ.

ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය එම ආයතනවලට එරෙහිව අලුත්කඩේ හා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලදී ගොනු කළ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පනවා ඇති උපරිම මිල රුපියල් 1200කි.

එහෙත් එම පරීක්ෂණය සඳහා මෙම ආයතන රුපියල් 3000 ආසන්න වනතෙක් විවිධ ගණනින් මුදල් අයකර ඇති බව අධිකාරීය අධිකරණයට පවසා තිබේ.

එම ආයතන පූර්ණ රුධිර ගණන පරීක්ෂණයට පනවා තිබූ උපරිම මිළ වන රුපියල් 400 ඉක්මවා රුපියල් 1000කට ආසන්න වන තෙක් මුදල් අයකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර ඇත.

මේ අතර, උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සිදු කළ තවත් ආයතන 10ක් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයට කරුණු ගොනු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.

වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Related posts

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday

“එළවන්න කලින් යනවනම් යන්න” ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි

colombotoday

සුජීව සේනසිංහ සියලු තනතුරුවලින් ඉවත් කර එජාපයෙන් නෙරපන්නැයි යෝජනා වෙයි

colombotoday

රොහින්ග්‍යා ඉස්ලාම් අන්තවාදීන්ගේ ඇත්තම කතාව.. බුරුම හිමිනමක් සිංහලෙන් පැහැදිළි කරයි

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday