Colombo Today Sports News

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02 ක හිමිකාරීත්වය සමාගම් 02 ක් ඊයේ හිමිකර ගත්තා. ඒ, ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදීයි. පාර්ශව 09 ක් ඒ සඳහා ලන්සු ඉදිරිපත් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7, 090 කට මිලදී ගෙන ඇත.

සී වී සී කැපිටල් සමාගම ඉන්දීය රුපියල් කෝටි 5,625 කට අහමදාබාද් නගරය කේන්ද්‍ර කරගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන තිබේ.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම නව කණ්ඩායම් 02 එක්වීමත් සමග තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් වේ.

Related posts

ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගය අද

Admin

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් අවලංගුවන ලකුණු.

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

ගොවීන්ට නොමිලේ යූරියා පොහොර ලබාදීම ඇරඹේ

Admin

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

colombotoday