Colombo Today Local News

හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !

nimal-bope2323ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු සඳහා ජීප් රථ ලබා දීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණයකට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා දැඩි ලෙස විරුද්ධ වෙමින් සිටී. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ මෙම වාහන ලබා දීමට සැළසුම් කර තිබෙන අතර එලෙස වාහන ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැතිවීම හා විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් තොරව මෙම වාහන ලබා දීමට කටයුතු කිරීම ලේකම්වරයාගේ දැඩි විරෝධයට හේතු වී ඇත.

මීට අදාළව කැබිනට් පත්‍රිකාවක්ද සම්මත වී ඇති තත්ත්වයක් පවා තිබියදී එය ක්‍රියාත්මක කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයට ලැබුණු පසු ජනමාධ්‍ය ලේකම්වරයා මෙම ක්‍රියාවලිය නතර කරගෙන සිටින අතර ඒ හේතුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හා නියෝජ්‍ය ලේකම්වරයා දිගින් දිගටම ජනමාධ්‍ය ලේකම්වරයාට බලපෑම් කරමින් ලිපි කිහිපයක් එවූවද ඒ කිසිවක් ක්‍රියාත්මක නොකර සිටීමට ලේකම්වරයා තීරණය කර ඇතැයි ජනමාධ්‍ය ලේකම්වරයාගේ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති දැනට ක්‍රියාත්මක තත්ත්වයන් මෙසේය.

ආණ්ඩු පක්ෂයට සහය දක්වන අමාත්‍යධූර නොමැති මන්ත්‍රීවරුන්ට මෙම වාහනය හිමි වේ. ඊට පදනමක් නොමැති බැවින් ඒ සදහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිධූර එම මන්ත්‍රීවරුන්ට ලබා දී ඒ සදහා වාහනයක් සැපයීම යැයි පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 4 දෙනෙකු හා සුළු පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ අතර සිටී.

ලබා දීමට නියමිත වාහන මෙහෙයුම් කල්බදු යන ක්‍රමයේ යටතේ ගැනීමෙන් මෙයින් රජයට විශාල පාඩුවක් සිදුවේ. පසුගිය ආණ්ඩු සමයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන්ද මන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ රථ සැපයුවද ඒවා පසුව අයිතිවූයේ රජයටය. වර්තමානයේ එම වාහන ආයතන අතරේ බෙදා දී ඇත. නමුත් මෙම ආණ්ඩුවෙන් ලබාදීමට නියමිත ජීප් රථයට සම්පූර්ණ වටිනාකමට වඩා මුදලක් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ගෙවනු ලබන අතර ලීසිං කාලය අවසානයේදී වාහනය අයිති වන්නේ වාහන ලබාදුන් ආයතනයටමයි. රජයට වාහනයේ කිසිඳු අයිතියක් හිමි නොවේ. ඉන් රජයට සිදුවන අලාභය ඉතාමත් සුවිශාලය.

මෙහිදී දැනට තෝරාගෙන ඇති ආයතනය ප්‍රසම්පාදන කොමිසම ඇතුලු කමිටු ගණනාවකින් ප්‍රතික්ෂේප වුවද පසුව අග්‍රමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික කමිටුවකින් එය තෝරාගෙන ඇත්තේ ඉතාමත් දූෂිත ක්‍රියාවලියක් අනුව යමින් බව පහත ලියකියවිලි බැලූ විට පැහැදිලි වේ.

මෙම වාහන ලබා දීමට යෝජන වී ඇත්තේ මීට මාස 6කට පමණ පෙර සිට වන අතර වාහන ලබා දෙන තෙක් පසුගිය අප්‍රෙල් මස සිට එම මන්ත්‍රීවරුන්ට මසකට රු. 200000ක දීමනාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ගෙවනු ලබයි.

මේ සියලු කරුණු හේතුවෙන් මෙය තමන්ධූරයේ සිටින තාක් සිදු කිරීමට ඉඩ නොදෙන බව ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා පවසා තිබේ. ඒ පසුගියදා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ තිබූ සාකච්ඡාවකදීය. එහිදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත්තේ තම තමන්ගේ අමාත්‍යංශයන් හී කටයුතු සිදු කිරීමට අපොහොසත්වන ලේකම්වරුන් පිළිබඳ ජනාධිපතිවරයා තීරණයක් ගැනීමට නියමිත බවයි.

– Roiter Lanka

0001-1 0002-1
0003-1pr

Related posts

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යයි. | Epic Technology Group සමාගම නිසා ආයතන ගණනාවක දත්ත අනාරක්ෂිතයි.

colombotoday

“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)

colombotoday