Colombo Today Local Newsfeatured

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යයි. | Epic Technology Group සමාගම නිසා ආයතන ගණනාවක දත්ත අනාරක්ෂිතයි.

ඖෂධ ලියාපදිංචියට සහ බලපත්‍ර ලබා ගැනීමට ඖෂධ සමාගම් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) ඉදිරිපත් කළ අයදුම්පත් වලට අදාළ තොරතුරු Lanka Government Cloud (LGC) වෙතින් මැකී ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෑතකදී ඖෂධ නියාමන අධිකාරියට (NMRA) විසින් හඳුන්වා දුන් ඩිජිටල් පද්ධතියක් හරහා ඖෂධ සමාගම් නව ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීම සිදුකෙරිණි. ඒ අනුව සමාගම් අයදුම්පත් සහ අයදුම්පත්වලට අදාළ අනෙකුත් ලියකියවිලි වල ලිපි ගොනු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට එම සියලු තොරතුරු කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මකා දමා හෝ මකීගොස් ඇත.

සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව දැනගන්න ඇති අතර මෙම තත්වය නිරාකරණය නොකළහොත් මාස කිහිපයකින් ඖෂධ හිඟයක් ඇති වේ යැයි ඖෂධ සමාගම් අනුමාන කර සිටියි.

මෙම සිද්ධිය සිදු වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි වී නැති අතර ඒ පිළිබඳව සඳහන් කරමින් ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිලධාරීන් දැන් ඩිජිටල් අයදුම්පත් භාර ගැනීම සිදු නොකරන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතාවගේ මුදල් ගෙවා තිබියදී වගකීම පැහැර හැරී Epic Technology Group ?

ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඩිජිටල්කරණ ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ ක්‍රියාත්මක කරන ලද්දේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (Information and Communication Technology Agency -ICTA) සමඟ සහයෝගයෙන් පෞද්ගලික අංශයේ සමාගමක් වන එපික් ටෙක්නොලොජි සමූහය (Epic Technology Group) යි. සේවා සපයන්නා වශයෙන් Epic Technology Group තෝරා ගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් පසුව බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තොරතුරු සංරක්ෂණය (backup ) මෙම කොන්ත්‍රාත්තුවේම කොටසක් වන නමුත් Epic Technology Group සමාගම එය සිදුකර ඇති බවට තවමත් සඳහන් වන්නේ නැත.

ඖෂධ සමාගම්වල රහස් තොරතුරු පිටවීමේ අවධානමක්

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරන සමාගම් විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු වෙනත් පාර්ශවයක් අතට ගැනීමේ අරමුණක් මේ සිද්ධිය පිටුපස තිබේනම් සමාගම් ගණනාවකට අනතුරුදායක තත්වයකට මුහුණ දීමට සිදුවෙනු ඇත. දේශීය ඖෂධ සමාගම් ඔවුන්ගේ විදේශීය ඖෂධ සමාගම් සමඟ ඇති ව්‍යාපාරික සබඳතා පිටස්තර පුද්ගලයන් අතට පත්වීමෙන් ව්‍යාපාරික රහස් පිටවීමේ අවධානම මේ වන විට දැඩි වී ඇත.

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබූ ලියකියවිලි අතර නිෂ්පාදකයා විසින් ඖෂධ සකස් කරන ආකාරය ඇතුලත් ඉතා රහසිගත ලිපි ගොනු ද තිබී ඇත. එම දත්ත වැරදි පුද්ගලයන් අතට පත් වුවහොත් විදේශීය නිෂ්පාදකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සමාගම් වෙත ලිපි ගොනු ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ හැකි අතර ඒ හේතුව මත සෞඛ්‍ය සේවා සඳහා ඖෂධ අපට නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් ලිපිගොනු සොරා ගත් බවට කිසිදු හෝඩුවාවක් නොමැත.

Epic Technology Group සමාගමට චෝදානා

මේ සිදුවීම සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම Epic Technology Group සමාගම සතු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. ජනතා මුදල් වැයකර, කරන්නට යෙදුන ඖෂධ ලියාපදිංචිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙතින් ලබා ගත් සමාගම ලෙස අදාළ කොන්ත්‍රාත්තුවට අනුව තොරතුරු බැකප් කිරීම සහ පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ Epic සමාගමට බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“NMRA සහ එපික් ලංකා සමාගම අතර ඇති ගිවිසුමට අනුව, තාක්ෂණික සේවා සැපයීමට සමාගම ගිවිසුම්ගතව බැඳී සිටී. ආපදාවකදී, අනතුරකදී දත්ත ආරක්ෂා වීම සඳහා ප්‍රාථමික සිට ද්විතීයික ස්ථානයකට පිටපත් කිරීම කලයුතුය.” විතානගේ මහතා පැවසීය.

“සිදු වී ඇත්තේ ඉතා බරපතල තත්වයකි, මෙම දත්ත හිතාමතාම මකා දැමූ බවට බරපතල සැකයක් සමාජය තුල ඇත. තාක්‍ෂණ සේවා සැපයුම්කරු ලෙස Epic Technology Group මෙහි සම්පුර්ණ වගකීම බාරගත යුතුය.” විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Epic Technology Group ආයතනයෙන් සේවා ලබා ගත් බැංකු ඇතුළු රාජ්‍ය, පෞද්ගලික ආයතන අනතුරේ..

මෙම තත්වය සලකා බැලීමේදී Epic Technology Group සමාගමෙන් සේවා ලබාගෙන ඇති අනෙකුත් රාජ්‍ය ආයතනයන්හී දත්ත පද්ධතිවලටද මෙම තත්වය උදවිය හැකි බැවින් දත්ත ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් වහා මෙම සමාගමට ලබා දී ඇති කොන්ත්‍රාත් අවලංගු කර විශ්වසනීය ලෙස සේවා සපයන ආයතනයකින් සේවා ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලෙසත් විතානගේ මහතා ඉල්ලා සිටියි.

Epic Technology Group ආයතනය

Epic Technology Group සමාගමේ සභාපති වන්නේ නයන දෙහිගම මහතා වන අතර විරාජ් මුදලිගේ මහතා Epic Technology Group කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබයි.

මෙම සමාගම මගින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවකට සේවා සපයනු ලබයි.

Related posts

සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන වසා දැමේ

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි

colombotoday

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

Admin

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday