Colombo Today Local News

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

දඹුල්ල කණ්ඩලම, කැප්පැල ප්‍රදේශයේ අවමගුල් ගෙදරක පිරිසක් සහ මල්වර වූ දියණියකගේ උත්සවයක් පැවැත් වූ නිවසක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනකු අද (24)දින අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

දැරියගේ මල්වර වූ සතුට සමරමින් පිරිසක් මත්පැන් සාද පවත්වා ගීත ගායනා කරමින් මහ ඉහළින් සතුටු වන්නට වෙද්දි මළ ගෙදර පැමිණි පිරිස ඊට දැඩි ලෙස උරණ වී දෙපිරිස අතර ඇතිවූ කතාබහක් අවසානයේ දී ගැටුමක් බවට පරිවර්තනය වී ඇතැයි පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

ගැටුම අතරතුර මළ ගෙදර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනෙකුත් මල්වර උත්සවයේ සිටි එක පුද්ගලයෙකුත් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී .එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ සහ කොවිඩ් මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කණ්ඩලම ප්‍රදේශයට ගොස් නිරෝධායන නීති කඩමින් පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව ගැටුම සඳහා සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මුළු රටක් දැඩි අවදානම් තත්ත්වයක තිබියදීත් සියලු නීති උල්ලංඝනය කරමින් ගම්මාන වල සිදු කෙරෙන මෙම කටයුතු නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල වන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක පී එදිරිසිංහ මහතා පැවසීය.

මළ ගෙදර පිරිසටත් වැඩිවියට පත් වූ දැරියගේ සාද පැවැත්වූ පිරිසටත් දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙම 18 දෙනාම දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

⭕⭕⭕Breaking News⭕⭕⭕ මහින්දානන්දට සිර දඬුවම්!

Admin

ගල්ඒදඬුගොඩ දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin