Colombo Today Local NewsHot News

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

sale223232hgtයුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි තනතුරේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත්කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනවිරත්න සදහන් කරයි.

බ්‍රිගේඩියර් සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කරන ලෙස සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් මීට දෙසතියකට පමණ පෙර ජනපතිවරයාට දැඩිලෙස බලකර තිබිණි.

බ්‍රිගේඩියර් සුරේෂ සලේ ජාත්‍යන්තර ඊළාම් ජාලයේ රහසිගත ක්‍රියාකාරම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත් වූ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙක් වන අතර ප්‍රංශ කොටි ජාලයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම හෙළිදරව් කරගැනීමට ඔහු සමත්විය. කොටි ඩයස්පොරා ක්‍රියාකාරම්වලට එරෙහිව ක්‍රියාත්මක වන මෙරට බුද්ධි අංශ ක්‍රියාන්විතය අඩාල කිරීම සදහා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ ඉවත් කිරීමට කොටි ඩයස්පොරාවට දැඩි ලෙස අවශ්‍ය වී තිබිණි.

යුද හමුදා බුද්ධි ප්‍රධානියා වහා ඉවත් කරන්නැයි ආසන්න දින කිහිපය තුළදීද, ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය සරත් විජේසූරිය නමැත්තා විසින් අගමැතිවරයාට පුද්ගලිකවම දැඩි ලෙස බලපෑම් කර ඇති බවට අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරන අතර දමිළ ඩයස්පොරා හිතවාදී මංගල සමරවීර විදේශ ඇමතිවරයාද මේ පිටුපස ක්‍රියාත්මකව සිටි බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

බ්‍රිගේඩියර් සුරේෂ් සලේ තනතුරෙන් ඉවත් කිරීමට යන පුවත මීට සති කිහිපයකට පෙර ප්‍රචාරය වීමත් සමගම කොටි ජාත්‍යන්තර ජාලය උද්දාමයට පත්ව තිබූණු අතර ඊළාම් වෙබ් අඩවි මගින්ද ඔහු තනතුරින් ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු සහගත පුවත් ප්‍රචාරය කර තිබුණු බවද වාර්තා විය.

Related posts

SAITM ගැසට් කළෙත් මමයි.. අධිකරණ තීන්දුව ගැන එස්.බී සතුටින් !

colombotoday

හමුදාවෙන් ඉවත්කළ හිස් පතුරම් කොපු ඇමති බලපෑමෙන් බෝම්බකරුට….

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් අවභාවිතා කරලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සාක්කි දෙයි

colombotoday

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday