Colombo Today Local News

මහ හොරකමට අනුබල දී මහ බැංකුව සුද්ද කළාට අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් !

rannil arjunබැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන ‘ලිච්චවි ක්‍රමයට’ ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා එම ප්‍රකාශය කළේ (31 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුට පැමිණි මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුද බැදුම්කර සිද්ධියට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පල කර ඇති බවද ඔහු කියා සිටියේය.

අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්නා ලෙසත්, එම සමාගම සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන ලෙසත් ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.

පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කල යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ අතර, ‘හිරු’ රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුයේ, ‘මහ බැංකු බැදුම්කර නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බවයි.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.

Related posts

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

අධිවේගයේ මෝඩකම ප්‍රධර්ශනය කෙරූ හතර දෙනා සහ රියදුරු පොලීසියට කැඳවයි. | සියලු දෙනාටම නඩු

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් ලංකාවට

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

colombotoday