Colombo Today Local News

මවක් මහල් නිවාසයකින් බිමට පනී

වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් පැන කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි කොළඹ 6 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය කාන්තාව විවාහක එක්දරු මවක් වන අතර, ඇයගේ සැමියා ඊට පෙර දින පුද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් සිට ඇත.

සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද කරුණු අනාවරණය වී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday