Colombo Today Local News

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

යුද හමුදා කෝප්‍රල්වරයකු පෙරේදා (22 වැනිදා) රාත්‍රි වාද්දුව, හබරලගහලන්ද මාර්ගයේ ඇද වැටී මියගොස් ඇතැයි වාද්දූව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය, ඇල්ල, තනබද්දෙගම ප්‍රදේශයේ පදිංචිව සිටි රූපසිංහ ආරච්චිලාගේ ටෝනි ප්‍රියංකර පෙරේරා නමැති 46 හැවිරිදි කෝප්‍රල්වරයෙකි.

මියගිය කෝප්‍රල්වරයා යුද හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර්වරයකුගේ වාද්දුව නිවසේ රියැදුරු රාජකාරි කරන අයෙක් බව පොලිසිය කියයි.
මියගිය කෝප්‍රල්වරයා, එදින රාත්‍රී 10 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසියේම ඇදවැටීමෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කෝප්‍රල්වරයා, එදින දහවල් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බවට තහවුරුවී ඇතැයිද පොලිසිය කීය.

Related posts

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “බොදු බල සේනා දිවි සරණ.”

colombotoday

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday

ව්‍යවස්ථාව එපා කියු නිසා ත්‍රෛනිකායික මහ සඟරුවනට අවමන් කරන්න NGO මෙහෙයුමක්‌ !

colombotoday