Colombo Today Local News

ව්‍යාජ PCR මුදලට වික්ක මධ්‍යස්ථානයක් වටලයි

ව්‍යාජ ලෙස PCR වාර්තා සකස්කර මුදලට අලෙවිකරන ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

එහිදී ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ PCR වාර්තා සකස්කරන ස්ථානය කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත.

එහිදී ඔවුන් විසින් විදෙස්ගතවන පුද්ගලයන් සඳහා මෙලෙස ව්‍යාජ P.C.R වාර්තා සකස්කිරීම සිදුකර ඇති බව හෙළිවී තිබේ.

මේ අතර එම ස්ථානයේ පරිගණක යන්ත්‍රයක්, ජංගම දුරකථන 05ක්, පෙන් ඩ්‍රයිව් 02ක් සහ ව්‍යාජ P.C.R වාර්තා 17ක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ භාණ්ඩ රත්දොළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

බදු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මාධ්‍යස්ථානයක් වෙලා – ඇමති සාගල

colombotoday

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday