Colombo Today Local News

අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ..

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

මේ අතර, තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඒ, අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640,000 ක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි, වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්වී ඇතැයි සඳහන් ය.

මීළඟ වාරික මුදල ලබා දීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල්වලට ජූලි සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

වැඩබලන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ලැබී තිබූ අතර, හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරන බවයි.

Related posts

මාතර දී හෙරොයින් කිලෝ 75 ක් අත්අඩංගුවට – හරක් කටාගෙ බවට සැකයක්

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

colombotoday

සමහර කියනව මට කොණ්ද පණ නැතිලු.. ඒකාධිපතියෙක් බිහිවෙන්න කිසි දිනක ඉඩ තියන්නෑ…

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

Admin