Colombo Today Local News

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය අද (18) උදෑසන 7.00 න් අවසන් කර තිබේ.

ඔවුන් එම වැඩ වර්ජනය ආරම්භ කර සිටියේ, වෛද්‍ය වෘත්තීයට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමිනි.

මේ අතර වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා කියා සිටින්නේ, වෘත්තීය සමිති 72ක ම නියෝජනය වන පරිදී සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති අවදානම් එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ.

colombotoday

ආර්ථික අපහසුතා දරා ගත නොහැකිව එක් දරු පියා කෝච්චියට බෙල්ල තියලා

colombotoday

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday

ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුවෙන් නිවේදනයක්

colombotoday

සතුන් ඝාතනය කිරීමට හොඳම තැන පල්ලියයි. | මුස්ලිම් පල්ලි තුල සමූහ සත්ව ඝාතන තහනම ගැන හිටපු වකුෆ් ලොක්කා කියයි.

colombotoday

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

Admin