Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක..

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමදේශ් මහතා සඳහන් කරන්නේ, එම වැඩ වර්ජනය හෙට (17) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ හා ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000 කින් වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පසුගිය දා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබුණි.

සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ, වෛද්‍යවරුන්ට පමණක් විශේෂයෙන් දීමනා වැඩි කිරීම සාධාරණ නොවන බවයි.

ඊට විරෝධය පළ කරමින් ඔවුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

මේ සඳහා රසායනාගාර ශිල්පීන්, විකීරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ඖෂධ සංයෝජකයින්, කීට විද්‍යා නිලධාරීන් ඇතුළු සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් එක්ව සිටිනු ඇත.

කෙසේ වෙතත් මාතෘ සායන, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.

මේ ප්‍රශ්නය ඉදිරියේදී වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ ය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කරන බවත් වෘත්තීය සමිති සාකච්ඡාවක් ඉල්ලා නොමැති බවත් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයකට නොයා තවදුරටත් විසඳුමක් ලබාදීම සඳහා රජයට කල් ලබාදී තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා අද බලධාරීන්ට අවස්ථාව ලබාදෙන බවයි.

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

“නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා.. එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ”

Admin

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

colombotoday