Colombo Today Local News

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ජාජබ යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කල අතර එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ම ප්‍රතිත්‍රස්ත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.

එම පනත් කෙටුම් පතේ අන්තර්ගත විධිවිධාන යටතේ පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

එසේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවා ගැනීමේ බලය ද ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති බව පෙත්සමේ චෝදනා කර තිබේ.

එම වගන්ති හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

පොහොට්ටු මන්ත්‍රී තිදෙනෙක් නුවරඑළිය සෙන්පති මැදුරේ ඇල්ලු අඩව්ව සොයා විමර්ශන

Admin

ගුරුනගර් මුහුදේදී කේරළ ගංජා කිලෝ 168ක් අල්ලයි

Admin

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

colombotoday