Colombo Today Local News

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (1) දහවල් එකවරම ගිනිගෙන විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය පවසයි.

එහි පිටුපස ගමන් ගත් කාන්තාවක් ඇතුළු කුඩා ළමුන් තිදෙනෙක් ගින්නත් සමගම පිටතට පැන දිවි බේරාගෙන ඇත.

කොළඹ දෙසට ඇතුළු වෙන මං තීරුවේ ධාවනය වෙමින් තිබූ තීරෝද රථය අරලියගහ මන්දිරිය ඉදිරිපස දොරටුව ඉදිරිපසින් ධාවනය වීමත් සමඟම එහි පිටුපස කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය පවසයි.

ගින්න හට ගැනීමත් සමගම කොළඹ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර ඇත.

ත්‍රීරෝද රථය නාගවිල්ලුව පාලාවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් වන අතර කාර්මික දෝෂයක් ගින්නට හේතුව බවට සැකකරන බව පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ.

Related posts

මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

LIOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර

colombotoday

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

colombotoday