Colombo Today Local NewsUncategorized

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මෙහෙයවන මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(4)දින පැවැත්විණි.

මෙම වැඩ පිළිවෙළ යටතේ ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය නව දැනුම, තාක්ෂණික උපක්‍රම, මුල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන බෝග සඳහා වෙළෙදපොළ හඳුනාගැනීම පිළිබඳ මුලික පුහුණුවක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති තරුණ ගොවි සමාගම් 60 මගින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, ඔවුන්ට අගයදාම ක්‍රියාවලිය සිදු කිරීම පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිතය.

Related posts

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට..

colombotoday

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday