Colombo Today Local News

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

හොරණ තිබ්බොටුගොඩ ප්‍රදේශයේ පිහිටි සමූපකාර බැංකු ශාඛාවක් කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි වාර්තා වේ.

අද (02) අලුයම් කාලයේ දී කිසියම් පිරිසක් විසින් බැංකුවෙහි ඉදිරිපස දොරටුවේ අඟුළු කඩා ඇති බව පොලීසිය පවසයි.

බැංකු සේවකයින් කිහිපදෙනෙක් බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි ඉදිරිපස දොර විවෘතව ඇති බව දැක පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එහිදී සොරුන් ඉදිරිපස දොරින් ඇතුළු වී සේප්පු කාමරය දක්වා ගොස් ඇතැයි තහවුරු වී තිබේ.

එසේ වුවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, බැංකුවේ රන් භාණ්ඩ හා මුදල් තැන්පත් කර ඇති සේප්පුවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ආපදාවට පත්වූ දරුවෙකුට දිනක ආහාර සදහා රු 30ක් වෙන් කෙරේ !

colombotoday

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday