Colombo Today Local News

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

එළඹෙන මහ කන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ “ජාතික ජල කළමනාකරණ කමිටු රැස්වීම” ඊයේ (26)දින වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එහිදී “එල්නිනෝ” තත්ත්වය හමුවේ පසුගිය යල කන්නය අවසානයේ දිවයිනට බලපෑ වියළි කාලගුණය හේතුවෙන් රටේ ගොවි ජනතාව මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පිළිබඳව හා ගොවි, නිලධාරී ක්‍රියාකාරකම් හි පැවති අඩුපාඩු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව, 2023/24 මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ජලය නිකුත් කිරීම හා නිකුත් කිරීම් අවසන් කරනු ලබන දින වකවානු පිළිබඳව ගොවි සංවිධාන නායකයින් වෙත ප්‍රකාශයට පත්කළ අතර, නියමිත දිනයන්හි දී මූලික බිම් සැකසීම් ආරම්භ කර අස්වනු නෙළීම් දක්වා වූ සියලු කටයුතු අවසන් කර, විධිමත් පරිදි ජලය කළමනාකරණය කර ගැනීමට ගොවි නායකයන්ගේ එකඟතාවය හිමි වී තිබේ.

අලුත්වැඩියා කළ යුතු ඇළවේලි හා වැව් සම්බන්ධයෙන් ගොවි නායකයින් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු හා ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසද නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම අත්‍යාවශ්‍ය අවස්ථාවන්හි දී සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සඳහා විධිමත් නීත්‍යානුකූල ගිවිසුම්ගත ක්‍රමවේදයක් සකස්කර ඉදිරියේ දී ඇතිවිය හැකි ගැටලු අවම කරගන්නා ලෙසද නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday

කතුන් තිදෙනෙක් කෙහෙවලු පටලාගෙන එක් කතක් මරු වැළඳ ගනී

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday

පුංචි ඡන්දයට ජවිපෙ නෑ ! නව ඡන්ද ක්‍රමය ගේන්නේ අපිව දේශපාලනයෙන් ඉවත් කරන්නයි

colombotoday