Colombo Today Local News

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20)දින නිව්යෝර්ක් නුවරදී සිදුව තිබේ.

දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කර ඇති නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අදහස් දැක්වා තිබේ.

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

පාර්ලිමේන්තු සැසිවාරය ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

colombotoday

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

ලකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ – අගමැති

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday