Colombo Today Local News

ආදාහනාගාරය පිටුපස අත් පා ගැටගසා ඇති තරුණයෙකුගේ මළසිරුරක්

රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මළසිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබී අතර සිරුරේ ස්ථාන කිහිපයක තුවාල දක්නට ඇති බව පොලීසිය පවසයි.

මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වෙන බවද පොලීසිය සඳහන් කරයි.

අදාළ පුද්ගලයා ඉකුත් 17 වනදා සවස පැණිවත්ත කටුදම්පේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ.

එම සාදය අතරතුරදී ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවටත් වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ (18) සවස් කාලයේදී ඔහුගේ සිරුර මෙලෙස හමුවී තිබේ.

රත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

colombotoday

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

උදය ගම්මන්පිල සමාව අයැදී

colombotoday

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin