Colombo Today Local News

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරන්නේ, හෙට(11) පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බවයි.

ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඇය පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි.

මේ අතර, රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවද එම කොමිසම සඳහන් කළේ.

Related posts

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

ජාතිවාදී චෝදනා දරන්න බෑ කියා ශරීඩ් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday