Colombo Today Local News

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට (24) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවය.

අනතුරුව කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

“අපි අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් මුල්කරගෙන එන්නත්කරණය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා, විශේෂයෙන් සංකූලතා තියෙන අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට. ඒ වගේම රිජ්වේ ආර්යා ළමා රෝහල අපේ සංඛේතයක්. ඒ නිසා රට දැනුවත් කිරීම සංඛේතවත් කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේන් සිකුරාදා ඒ වැඩපිළිවෙල ආරම්භ කරනවා.”

“පවතින තත්ත්වය තුළ අපේ ආරථිකයත් යම්කිසි කළමනාකරණයක් යටතේ යා යුතුයි. සම්පූර්ණයෙන් වහනවා කියන එක ප්‍රතික්ෂේප වෙනවා මේ රටේ. ඒක කරන්න බෑ.” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ගාල්ලේදී මත්පෙති 620ක් සමග අයෙක් අත්අඩංගුවේ

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday