Colombo Today Local News

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සකසන අන්තර් රාජ්‍ය ආයතන වන මූල්‍ය කාර්ය සාධක බලකාය සියලුම රටවල් විසින් ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ 40ක් හඳුන්වා දී ඇත.

2023-2028 සඳහා වන මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සඳහා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සඳහාත් අන්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති දුර්වලතාවයන්ට විසඳුම් වශයෙන් ඒ ඒ ආයතන විසින් ඉටු කළ යුතු කාර්යයන් ඇතුළත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Related posts

“බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි” – මහින්ද රාජපක්ෂ

Admin

ගැස් හොරට වික්ක යුවළකට වැඩ වරදී

colombotoday

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

colombotoday

ජනපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි !!

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

විදේශිකයන්ටත් මෙහෙ ඇවිත් ආගම, සංස්කෘතිය ප්‍රචාරයට අවසර.. නව ව්‍යවස්ථා නිර්දේශ මෙන්න

colombotoday