Colombo Today Local News

මත්තල ගුවන්තොටුපොළින් 2022 දී කෝටි 2221ක් පාඩුයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙය එහි අදායම මෙන් විසිහය ගුණයක් බවද ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදි කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් පස් ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වී ඇත.

එම විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකය. මඩකලපුව ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්භ කල 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7කි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගීන සංඛ්‍යාව ලක්ෂ දහයක් වුවද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණි.

මත්තල ගුවන්තොටුපොල ඉදිකිරිම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

colombotoday

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday