Colombo Today Local News

වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේ

නාගොල්ලාගම තිඹිරිවැව ප්‍රදේශයේ ගෙවත්තක වල් ඌරන් දඩයම් කිරීම සඳහා නීති විරෝධී ලෙස ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මියගොස් මිය ගොස් ඇයගේ දියණිය හා පුතාටද විදුලි සැර වැදී ඇති බව කුරුණෑගල, තලමල්ගම පොලීසිය පවසයි.

නිවසේ සුරතලයට ඇති කළ බැල්ලිය අතුරුදන්ව සිටීම නිසා එම බැල්ලිය ගැන සොයා බැලීමට මව දියණිය සහ පුතා ගිය අවස්ථාවේ අනවසරයෙන් ඇද තිබූ මෙම විදුලි රැහැන පැටලී ඇති බව පොලිසිය කියයි.

විදුලි සැර වැදීම නිසා මෙසේ මියගොස් ඇත්තේනාගොල්ලාගම තිඹිරි වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම් බිසෝ මැණිකේ නැමැති 58 හැවිරිදි කාන්තාවකි.

වල් ඌරන් දඩයම් කිරීම සඳහා අනවසර විදුලි රැහැනක ඇද්ද බව කියන 56 හැවිරිදි ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

Related posts

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday

බස්නාහිර පළාත් අවසන් වාර විභාග ගැන ගත් තීරණය

colombotoday

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

බැදුම්කර හොරුන්ගේ සහ හොරු රැක්ක අයගේ රෙදි අද ගැළවෙයි.. කෝප් වාර්තාව මැතිසබයට

colombotoday

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

colombotoday