Colombo Today Local News

බස්නාහිර පළාත් අවසන් වාර විභාග ගැන ගත් තීරණය

කල්දැමීමට සැලසුම් කර තිබු බස්නාහිර පළාත් පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට මේ වනවිට හැකිවී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාලසටහනට අනුව මාර්තු 29 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව 6,7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග කටයුතු ද අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් මහතා සඳහන් කරයි..

Related posts

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

30% ක් ගත් රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත් ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. ය කියයි

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

colombotoday

උදැල්ලු පහරකින් පුද්ගලයෙක් මරුට… කාන්තාවකටත් බරපතළයි

Admin