Colombo Today Local News

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9 සිට සවස 6 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට නිකුත් කර ඇත.

දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමග විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබුණි.

Related posts

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

ජනපතිගේ යාපනේ රැළියට බස් දාලා පිටින් සෙනග ඇදලා

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday