Colombo Today Local News

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

කන්තලේ, භාතිය ගම ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක බැඳ දමා සිටි රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා එළ ගවයකු සොරාගෙන ගොස් මස් පිණිස විකුණූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු කන්තලේ මූලස්ථාන පොලීසිය විසින් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ගෙන ඇත්තේ, කන්තලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ කන්තලේ ප්‍රදේශයේම පදිංචි තවත් අයෙකි.

ගෙවත්තේ බැඳ දමා සිටි මෙම එළ ගවයා තඹලගමුව ප්‍රදේශයේ අයෙකුට මස් පිණිස විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වේ.

එළ ගවයාගේ අයිතිකරු මුලින්ම සිතා ඇත්තේ මෙම ගවයා අයාලේ ගොස් ඇති බව යැයි පොලිසිය කියයි.

පසුව එළ ගවයාගේ අයිතිකරු මෙම ගවයා පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි කර ගැනීමෙන් පසු ඒ බවකන්තලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday