Colombo Today Local News

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද (18)දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් තම සාමාජිකයින් මුහුණ දි ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමත් සමග නාම යෝජනා භාර දුන් හිටපු පලාත් පාලන සභිකයින්ට සමාජීය වශයෙන් සිය කාර්යන් සිදු කිරීමේදි දැඩි දුෂ්කරතාවයන්ට ලක් වීමට සිදුව තිබේ.

රාජ්‍ය සේවයේ නිරත ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින්ට රැකියාව සිදු කිරීමේදී පවා බාධා මතුව ඇති බව සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර කඩිනම් විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡාව පැවැත්වෙන බව සාගර කාරියවසම් මහතා පවසයි.

Related posts

“මොරගහකන්ද හදා මම මැජික් පෙන්නුවා..” ජනපති ජලාශ වේල්ල මත සිට කියයි (Video)

colombotoday

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

colombotoday

මහින්දයි මෛත්‍රිපාලයි එකතු කරලා අපි අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා

colombotoday