Colombo Today Local News

මහින්දයි මෛත්‍රිපාලයි එකතු කරලා අපි අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ මූලිකත්වයෙන් අනාගතයේදී මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් එකතු වුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් බිහි කරන බව හිටපු මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඔහුව පිළිගැනීම උදෙසා හාලිඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායමේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු රැස්වීමක් අමතමිනි.

පසුගියදා හාලිඇළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති මේ රැස්වීම අමතමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

එදා විශ්වාසභංගය වෙලාවේ දුමින්ද දිසානායක අපේ පක්‍ෂයේ ලේකම් නොවුණා නම් අපි අනිවාර්යයෙන්ම විශ්වාසභංගය දිනනවා. දුමින්ද දිසානායක වැඩ කළේ අපේ පක්‍ෂයේ ලේකම් විදියට නෙවෙයි. රනිල් වික්‍රමසිංහගේ කේවට්ටයා විදියටයි. විශ්වාසභංගය වෙලාවේ පක්‍ෂයේ ලේකම් දුමින්ද නොවුණා නම් අද රනිල් අගමැති නොවෙයි. එදා රනිල් පැරදුණා නම් අලුත් අගමැති පත්කිරීමේ බලය තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාටයි.

පසුගිය ඡන්දෙදි මේ පළාතේ පොහොට්ටුවේ පෝස්ටර් ගැහුවේ මහින්ද මහත්තයාගේ පින්තූරේ දාලා. මිනිස්සු ඡන්දය දුන්නේ මහින්ද මහත්තයාට. පොහොට්ටුව කියලා පක්‍ෂයක් නෑ. තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ බලය. මහින්ද රාජපක්‍ෂ මහත්තයා කීවේ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන්න වෙන ඕන දෙයක් කරපල්ලා යූ.එන්.පී. එකත් එක්ක එකතු වෙන්නේ නැතිව කියලයි. ඒත් හාලිඇළත්, රත්නපුරේත් ඒ කීම ඇහුවේ නෑ. පොහොට්ටුව යූ.එන්.පී. එකත් එක්ක එකතු වෙලා ප්‍රාදේශීය සභාව පිහිටෙව්වා. රත්නපුරේ හොරෙන් කළ වැඩේ හාලිඇළ එළිපිටම කළා. ඒත් හාලිඇළ අපේ මන්ත්‍රිවරු දහදෙනා ජනතාව දුන්නු ඡන්දවලට අවමන් කළේ නෑ. යූ.එන්.පී. එකත් එක්ක එකතු වෙන්න ගියේ නෑ. ඒ නිසා අපි ජනතාවගේ ඡන්දවලට ණය නෑ.

මම ස්ථිරවම කියනවා එක්සත් ජාතික පක්‍ෂයට පසුගිය ජනාධිපතිවරණවලදී වගේම ඉදිරි මැතිවරණයේදීත් තම පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් දාන්න බෑ. පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම යූ.එන්.පී. අපේක්‍ෂකයෙක් දැම්මේ නෑ. එක පාරක් සරත් ෆොන්සේකා දැම්මා. අනෙක් පාර මෛත්‍රිපාල සිරිසේන දැම්මා. ඊළඟ ඡන්දෙදිත් එක්සත් ජාතික පක්‍ෂයට අපේක්‍ෂකයෙක් දාන්න බැරිවෙන විදියට දැන් රනිල් වික්‍රමසිංහල – බැසිල් රාජපක්‍ෂල කටයුතු කරනවා.

16 දෙනාගේ කල්ලිය ගෝඨාභයව බලයට ගේන්න හදනවා කියලා ජෝන් සෙනෙවිරත්න මහත්තයා කියනවා. එයා ඒවා කියන්නේ වයසෙ වැරැද්දටයි. එහෙම දෙයක් නෑ. හැබැයි ජනාධිපතිවරණයට රාජපක්‍ෂ කෙනෙක් ඕනනම් ගෝඨට – බැසිල්ට වඩා චමල් රාජපක්‍ෂ හොඳයි. ඒ වගේම ජනාධිපතිවරණයට රාජපක්‍ෂලා කෙනෙක්ම ඕනද කියන ප්‍රශ්නයත් තියෙනවා. දුමින්දලා, චන්ද්‍රිකාලා යූ.එන්.පී.යට ගියත් කමක් නෑ. ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකත්වය නැති කරන්න තමයි ප්‍රසන්නලා, බැසිල්ලා කටයුතු කරන්නේ. මේ නිසා ඉදිරි දින 45 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න ශ්‍රී ලනිප නායකයා විදියට ජනාධිපතිවරයා පියවර ගන්නවා.

පොහොට්ටුව – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියලා දෙකක් නෑ. මේ සේරම ශ්‍රී ලංකා කාරයෝ. එජාපය පරාජය කරලා ශ්‍රී ලනිප ආණ්ඩුවක් ගේන්න කටයුතු කරන්නයි අපි 16 දෙනා ඇමැතිකම් වරප්‍රසාද අත්හැරලා එළියට ආවේ. ඒත් අපි යූ.එන්.පී.යට යන්නේ නෑ. කොහොම වුණත් මහින්ද මහත්තයාට හාලිඇළයි, රත්නපුරයි ගැන විශේෂ පරීක්‍ෂණයක් කරන්න වෙනවා. මොකක්ද මේ අය අතර තිබුණ ඩීල් එක කියලා හොයන්න.

ඊළඟට ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහත්තයාට එන්න බෑ. ඒත් ඒකට එන්න ඕන මහින්ද මහත්තයාගෙ ආශීර්වාදය තියෙන කෙනෙක්. මොකද ඡන්ද ටික තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා ළඟයි.

Related posts

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ජනපති මන්දිරයෙන් හමුවූ ලක්‍ෂ 178ටක මුදල අරගලකරුවන් පොලීසියට භාර දෙයි

colombotoday

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

colombotoday

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday